Ideaapps
මිනිත්තු 5ක් වැනි සුළු කාලයකින් template based app එකක් නිර්මාණය කරගන්න. මෙහිදි SMS පාදක කරගත් app, කිසිදු coding කිරීමකින් තොරව නිර්මාණය කර නිවැරදි පරිශිලකයින් වෙත ලබාදිය හැක. එය දිනපතා පණිවුඩයක් යැවීම, ඔබ ව්‍යාපාරයක අයිතිකරුවෙක් නම්, ඔබේ පාරිභෝගිකයින් දැනුවත් කිරීම හෝ යමකට ඡන්ද ප්‍රකාශ කිරීමක් විය හැක. මේ සියල්ලටම ඔබට අවශ්‍ය වන්නේ සක්‍රිය Dialog SIM පතක් සහ ideamart ගිණුමක් පමණයි.
* Ideamart ගිණුමක් නිර්මාණය කරගැනීම.
+ Mobile Connect බොත්තම Click කර ලොග් වෙන්න.
+ ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර තිරයේ දිස්වන pop-up පණිවුඩය accept කරන්න.
+ ඔබේ බැංකු තොරතුරු, ආයතනයේ තොරතුරු(ඇත්නම්) ඇතුළත් කර profile එක save කරන්න.
* ideaapps අයිකනය Click කර create application click කරන්න.
* ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන application වර්ගය තෝරන්න.
* ලබාදී ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
* අනුමැතිය ලැබුණු පසු app එක අළෙවි කිරීම ආරම්භ කරන්න.
* ගුණාත්මක සේවාවක් ලබාදී මුදල් උපයාගන්න.